![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmyXCnH7Jg4wPP3VJlUBTDqPHyt-4rGf9HPM6bv3S59BCa601tHQyfR9RgP3O5mAlVnxKMaOzmCeraAAFtJuf1SEZ0XsekRfo7vRXvsg49MpvVWDaL_zqVLjSqDFQWgDywhFE4Zgy_WcKE/s320/hi.jpg)
හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අත්අඩංගුවේ පසුවන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දෙන අද ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ අයුරින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි..
හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මස 17 වන දාය. .
ඉක්බිතිව ජනවාරි මස 13 වන දිනද ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණද එහිදීද ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නඩුව අද සලකා බැලු අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලංකාව තුළ මෙන්ම ඇමරිකාවේද හයිකෝප් ලිමිටඩ් වලට අදාලව පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් මොහුට ඇප ලබාදීමෙන් පරීක්ෂණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බව අවධාරණය කර ඇත..
හයිකෝප් ලිමිටඩ් හි හිමිකරු ලෙස සැලකෙන්නේ දැනට අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාය. ada
0 comments:
Post a Comment