![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_tlQY0hy1KX7ykeGC28iZIcN3EiAw6ldaR9D3nShZGkhpiETaP2BOBhr51EqAj07Xj_QIWXUjXCMTqzE6ikEjfR7JjPYucyiC0PEF4jeG_DrftBUYiIIXgAkEbmvn8yadcaLxeacfQCic/s320/pra.jpg)
හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබේ.
වේලුපිල්ලේ පාර්වතී නැමැති එම තැනැත්තිය වසර 10 ක පමණ කාලයක සිට අංශභාග රෝගයකින් පෙළෙන බව සඳහන්ය. ඇය මේ වන විට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. හිටපු අමාත්‍ය එම්. කේ. ශීවාජිලිංගම් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කැනඩාවට පිටත් වීමට අපේක්ෂාවෙන් සිටින බවය. එහෙත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට එරට වීසා නොලැබීම ගැටලුවක් වී ඇත. ප්රභාකරන්ගේ මවගේ දියණියන් දෙදෙනෙකු කැනඩාවේ සහ ඉන්දියාවේ ජිවත් වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු වෙත යාම පාර්වතීගේ උත්සාහය වී තිබේ. ada
0 comments:
Post a Comment