Tuesday, February 9, 2010

ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයටත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,රටේ නීතියටත් එල්ල කෙරුණු මරු පහරක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක් එක් අවස්ථාවල විවිධ චෝදනා නැඟීම හැර සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කර නැතැයි හෙතෙම කියා සිටියි. ආණ්ඩුව චෝදනා නඟන ආකාරයේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් සරත් ෆොන්සේකා මහතා විසින් දියත් කර නොමැති බවත්,එවැනි චෝදනාවක් හෝ ඇත්නම් ක්‍රියා කළ යුත්තේ පොලීසිය මිස හමුදාව නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව අවධාරණය කරන විපක්ෂ නායකවරයා ආණ්ඩුව අනුගමනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට විරෝධය පළ කරන බවත්,ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ අරගලය ආරම්භ කරන බවත් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

0 comments:

Post a Comment