Tuesday, February 9, 2010

සැමියා බලන්නට දෙන බව වාචිකව දැනුම් දුන්නා -ෆොන්සේකා මහත්මිය


ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අන්දමට හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ ජෙනරාල් ෆොන්සේකා මහතා රඳවාගෙන සිටින ස්ථානයට ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට යාමට ඉඩ ලබාදෙන බව වාචිකව ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.
මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ෆොන්සේකා මහත්මියගෙන් විමසූ විට කීවේ වාචිකව එවැනි දැනුම්දීමක් කර තිඛෙන බවයි. ෆොන්සේකා මහතා රඳවා ගනු ලැබ සිටින්නේ කොහේදැයි දැනුම් දුන්නේදැයි විමසූ විට කීවේ එවැන්නක් දැනුම් දී නැති බවත්, තව සුළු වේලාවකින් තමා සිය ස්වාමිපුරුෂයා බලන්නට යාමට සූදානමින් සිටින අතර, ඔහු සිටින තැනට යන්නට හැකිවනු ඇත්තේ ගමන පිටත්වීමෙන් අනතුරුව අතර මගදී කෙරෙන මග පෙන්වීමක් අනුව බවද කීවාය.
හමුදා මූලස්ථානයේදී මරාගෙන මැරෙන එල්ටීටීඊ කාන්තාවකගේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් පෙනහලූවලට සිදුව ඇති හානි නිසා වෛද්‍ය උපදෙස් මත ඔහු දිනපතා ස්වසන ව්‍යායාමයක යෙදිය යුතු බවත්, ඉන් අනතුරුව ශ්වසන කි්‍රයාවලියට සහාය වන ඛෙහෙතක් ඉරීමට (ඉන්හේලර්7 අනිවාර්ය බවත්, ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට දියයුතු ඖෂධ වර්ග ලබාදීමක් සිදුවී නැති බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.

0 comments:

Post a Comment