Tuesday, February 9, 2010

මන්නාරමින් පුපුරන ද්‍රව්‍ය තොගයක්


මන්නාරම පොලිස් වසමේ මූර්වීදීය , කාර්ටු පල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු ‍බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුපුරණ දුව්‍ය සොයා ගෙන මන්නාරම පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 27, ග්‍රෑම් 741 ක් අඩංගු පාර්සල් 6 ක් , කිලෝග්‍රෑම් 02, ග්‍රෑම් 850 ක් බර පැති බෝම්බයක් සහ කිලෝග්‍රෑම් 1, ග්‍රෑම් 580 ක් බර පැති බෝම්බයක් සෙ‍ායා ගෙන තිබේ.
මේ අතර මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් දේවපුරම් ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ දුව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගෙන ති‍බේ. විශේෂ ‍පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම උපකරණ සොයා ගෙන ඇති බව වාර්තා වේ. එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2046 ක් , මිලිමීටර 14 . 5 උණ්ඩ 400 ක් මිලි මීටර 60 වර්ගයේ ෂෙල් උණ්ඩ 105 ක් , ස්වයංක්‍රීය පතරොම් තුවක්කුවක් ඇතුළු යුධ උපකරණ රැසක් සොයාගෙන ඇත.

0 comments:

Post a Comment