![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_NDpTeRu6aNGsuI-fPiIS5_2ZmZdi5qCgqZLBkSs7qbjhyphenhyphenzUrhbs0UlArENKn078x0-dQHY2dd0tx4vhLLygX5ZlpiPZucNt3CkDDXi12KxeHRLC33kBYOZr_8l4wrpNZYLztCSQLWUVZ/s320/naya.jpg)
මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරඟවදින නිසාවෙන් ඒ ඒ කණ්ඩායම් වලට ලබාදිය යුතු මැතිවරණ ලාංඡන සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් අලුත් මැතිවරණ ලකුණු කිහිපයක් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම අම්පාර දිස්ත්රික්කයට ස්වාධීන කණ්ඩායම් 44 ක් තරග කිරීම නිසා නව ඡන්ද ලකුණු 20 ක් හඳුන්වා දීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවී ඇත.
ඒ අනුව කඟවේනා,ගිරවා,නයා,බල්ලා, වැනි සතුන් ද ළිඳ, ඇඳ, ජලකරාමය, මිටිය, කඩුව, පරිගණකය, මේසන් හැන්ද, විදුලි පන්දම වැනි උපකරණද අඹ, ජම්බු වැනි පළතුරු ද හඳුන්වා දී තිබෙනු දක්නට ලැබේ.
මේ වන විට මෙම නව ඡන්ද සලකුණු ඇතුළත් විශේෂ ගැසට් පත්රයක් ඉදිරිපත් කිරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර ඇත. ada
0 comments:
Post a Comment