![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-U-CpGqwK4mJEKOZ2qmdQpm5GNgxoME2nAh1rnppH0tfJUnAcASjdNS1vEe4ZScSlndOue77t0WHdj8jCoLqu5NI6Kj9pBmb97_sOuH1bkZ0vQt6y8FiTm1mdRuEcXLm3BvLC78H4UmbW/s320/sakaa.jpg)
රජයට එරෙහිව කුමන්ත්රණ කළ බවට වු චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙකු නිදහස් කර තිබේ.අදාළ සැකකරු ත්රස්ත විමර්ශන කාර්යාංශය විසින් අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සදහා ප්රමාණවත් සාක්ෂි නොමැති බව එහිදි ඔවුන් අධිකරණයට දැන්වීය. එබැවින් සැකකරු නිදහස් කරන ලෙස ත්රස්ත විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගත් එම සැකකරු ත්රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් රඳවා සිටියේ රැඳවුම් නියෝග මතය.ada
0 comments:
Post a Comment