![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPBY15SS7jXQuht4A-yjWXAyj_Ug6gQeJaSvGaUUZgPSdQW_Wjb-OrYo7kA45j2dMeaHLAdBMxwA1_R5aw8mRD4jnh2hCpO72y0TmiNsNQpNO5SCvT0rtgtBJyqmBprw_CAB2AHCPpH3YF/s320/raa.jpg)
එළඹෙන මහ මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණය නොකළහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵල සාර්ථකව භුක්ති විඳිය නොහැකි වන බව මහින්ද යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි. එහෙයින් මහ මැතිවරණයේ දී ආණ්ඩුව ජයග්‍රහණය කර රටට ස්ථිරසාර සංවර්ධනයක් ඇතිකරදීමේ වගකීම ජනතාව සතුවන බව හෙතෙම සඳහන් කරයි. දැනටමත් යෝධ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ආරම්භ කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වාදෙයි. මහ මැතිවරණයෙන් කැපී පෙනෙන බලයක් ආණ්ඩුවට නොලැබුණහොත් එම සංවර්ධන ව්‍යාපෘති ඇණ හිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ada
0 comments:
Post a Comment