![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglTfA90N9v69xKxOIbGG17P096e0GDuyyQV1ijeVytsqPSYlhqAMrzB-k5AFCwkZneD3bjICZXMyYr1InnBDZaq6zlcBWmgLjfFQBO4rP8-4EuEs1DnRuw59v-2DX2t9vwjj9wDzDbDgcd/s320/awaa.jpg)
අවතැන් වූ කඳවුරු වල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනූහත් දහස දක්වා අඩු වී ඇති බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මුලතිවු නගරය හැරුනු විට වන්නි පළාතේ ප්‍රධාන නගර කිහිපයකම පුද්ගලයින් නැවත පදිංචි කරවා තිබේ.
තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් නගර වල පසුගිය දින දෙක තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් පදිංචි කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි
. මුලතිව් නගරය සහ ඒ අවට ප්‍රදේශ වල බෝම්බ ඉවත් කිරීමේ කාර්යය ඉතා වේගයෙන් සිදු වන අතර එය අවසන් වීමෙන් අනතුරුව එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි කිරීමට බලාපොරොත්තු වන බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම් හල්දීන් මහතා කියා සිටියේය.ada
0 comments:
Post a Comment