![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrlFHVxYYtjmd8_mvS-nVz1r3eQqFXZx2XuX19qULVpK07096QoH7nhKQMwbQfNzIFZswh6JKEqKzYmrogdPgAviEkhjxnkrD14jFpHl-dmREIpXHnxkVO-SD9FTlL2b2KdPxyCk7biAsG/s320/diwa.jpg)
ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු නිදහස් කර තිබේ.
මෙම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්රී ලංකා නාවික හමුදාවට භාර දී ඇති බව සඳහන්ය. මෙම ධීවරයින් පිරිස ඉන්දු ශ්රී ලංකා මුහුදු සීමාවේ දී නාවික හමුදා"වික්රම 2"නෞකාවට නංවා ගත් බව නාවික හමුදාව පවසයි. ධීවරයින් පිරිස වරායට රැගෙන විත් ඇති අතර ඔවුන් මේ වන විට නාවික හමුදා භාරයේ පසුවෙයි. මොවුන් කඩුවෙල, මොරටුව, කෝට්ටේගොඩ සහ ත්රිකුණාමලය යන ප්රදේශවල පදිංචිකරුවන්ය. ධීවරයින් සමග ඉන්දීය ආරක්ෂක අංශ භාරෙය් තිබූ ධීවරය යාත්රා 4 ක් ද මුදා හැර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
0 comments:
Post a Comment