![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijFhnrkuHFyktXVENZtRyXsav23d62m23-HsB7KLOW_nX8augvqNeSFDrDkeVaWSK2_3TgfxcVzhJLZhtNn4fWeBNSLNWB1Fw8l1bfwYMcnZPDqvVk7WCY7-GtVvg6BchH42dAIPrA6fG-/s320/xx.jpg)
ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වු නාමයෝජනා අතරින් දෙකක් ප්රතික්ෂේප වී තිබේ.
"ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" සහ "එක්සත් ලංකා මහ සභාව" යන දේශපාලන පක්ෂවල නාමයෝජනා ප්රතික්ෂේප වු බව වාර්තා වේ. මැතිවරණ පනතේ 19 වන පරිච්ඡේදයට අනුකූලව අදාළ ඉල්ලුම් පත් සම්පුර්ණ කර නොතිබීම හේතුවෙන් එම නාමයෝජනා පත්ර ප්රතික්ෂේප කිරිමට සිදුවු බව දිස්ත්රික් තේරීම් භාර නිලධාරීණි ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරළ මහත්මිය පැවසීය.
මේ අතර ගාල්ල දිස්ත්රික්කය සදහා ඉදිරිපත් වු නාමයෝජනා පත්ර අතරින් පහක් ප්රතික්ෂේප වී ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 4 ක සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා මෙසේ ප්රතික්ෂේප වු බව සඳහන්ය.ada
0 comments:
Post a Comment