![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoANADztTYY-V0JaLz5AWnQK1K3_CPmTzHiHh5_xhovg2MteW3-rhANx1VwA_ooMUHmvHoVt68VOJ4yp3U3BItZjJbQ_B4ZRzugkpDMCtxMCOqLfvPq2fXSsMWFvxyR41x6oQ8BTYVCCoD/s320/bus.jpg)
ප්‍රවාහන ක්ෂේත්රයේ ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ගමින් ගමට ගොස් ජනතාව මුණ ගැසෙමින් ඒවාට විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සංකල්පයකට අනූව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.
පාසල් සිසුන්, රජයේ සේවකයින් මෙන්ම එදිනෙදා මහමග ගමන් ගන්නා ජනතාව ප්‍රවාහනය සම්බන්ධව විවිධ ගැටලු වලට මුහුණපාන බවට හඳුනාගෙන ඇත.
බොහෝ බස් ඩිපෝ කළමනාකරුවන් කළමනාකරණය පිළිබඳ දක්වන අඩු සැලකිල්ල මෙවැනි ගැටලු බොහෝමයකට හේතුවී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.adaderana.lk
0 comments:
Post a Comment