![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0IsF3EMW9IyEKqykw222DfsPibvlzb_OOagJkPaB6PKbQj2o-UBrr7auovt3NLHH5PK9usiqY3q5KgD1RZwWfhn54pTtEqZsKK8JhMnswm9i2kRm7Nb1CGiZ7jp6EzP8xsiljnt0NsJ7Q/s320/galu.jpg)
නාවික හමුදාවට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති ප්‍රදර්ශනයට සමගාමීව අන්තර්ජාතික නෞකා දැක්මක් අද(11) සවස ගාලු මුවදොර මුහුදු තීරයේ දි පැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි.
මේ යටතේ දිවයිනට පැමිණ තිබෙන අන්තර්ජාතික යුද නෞකා 8 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රා සහ අනෙකුත් යුද නෞකා ප්‍රදර්ශනය කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
මේ සමඟ මහ ජනතාවට එම නෞකා මෙන්ම නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ, ක්ෂණික විහිදුම් යාත්‍රා බල ගණයේ සහ විශේෂ යාත්‍රා බල ගණයේ අධිවේගී යාත්‍රා හැසිරවීමත් මෙහිදී දැකගැනීමට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
0 comments:
Post a Comment