Wednesday, December 8, 2010

ආණ්ඩුවේ හා කොටින්ගේ වෙනස අගමැති කියයි


අත්අඩංගුවට පත් හමුදා සෙබළුන්ට එල්ටීටීඊය විසින් වද දී ඝාතනය කළද, දහස් ගණනක් වූ කොටි සාමාජිකයින් පුනරුත්ථාපනය කොට, ඔවුන්ට ජීවනෝපායයන් සහතික කිරීමට පවා රජය කටයුතු කර ඇතැයි අගමැති දිමු ජයරත්න මහතා පවසයි.

එපමණකින් නොනැවතී ඔවුන්ගේ විවාහයන් පවා පවත්වා පදිංචිය සඳහා නිවාස පවා ඔවුන්ට සපයා පියවර ගෙන තිබෙන බව, හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු අද (දෙසැ. 08) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

අවසන් යුද සමයේ වන්නියේදී එල්ටීටීඊ සංවිධානය විසින් රඳවාගෙන සිටි හමුදා සෙබළුන් 60 දෙනෙකු වෙඩිතබා ඝාතනය කොට පුළුස්සා දැමූ බව මෙහිදි අගමැතිවරයා අනාවරණය කළේය .

ඔවුන් කාලයක් තිස්සේ කිලිනොච්චියේ පිහිටි වධකාගාරයක රඳවාගෙන සිටි බවට, අත්අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින් සිව්දෙනෙකු තොරතුරු ලබාදුන් බව අගමැතිවරයා කීය.

0 comments:

Post a Comment