![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAQvVWW8LP7aFbXbXf5ZDgeeF0-jW25iaWmvlYekQ-CTbwjHub50t3V9D0-b1LHKYrI5pKvddSQP39VdGK2CiB5g7ANwmc-eKVljcatx9E2aHYiArjhuecdLAICPTp_cGIrMfE7_yL7J-8/s320/visa.jpg)
ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළි සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල විද්වත් කමිටුවට වීසා ලබාදීමට සූදානම් බව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නමුත් අදාළ කමිටුව ශ්‍රී ලංකාවෙහි විමර්ශන කටයුතු සිදුකිරීමට විරුද්ධ බවත්, උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ කමිටුව වෙත ඔවුන් සාක්ෂි ලබාදීමට පැමිණෙන්නේ නම් පමණක් එම කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබාදෙන බව ද ඔහු සඳහන් කර ඇත.
අද(30) රජයේ ප්රවෘත්ති ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.adaderana.lk
0 comments:
Post a Comment