
හෙරොයින් මත් කුඩු පැකට් 14ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(20) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් අයෙකු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
මෙම මත්කුඩු පැකට් තොගය සඟවා තිබුණේ ජංගම දුරකථන වල අභ්‍යන්තරයේ සහ නිවසක ස්ථාවර දුරකථනයක් තුළ බව පොලිසිය සඳහන් කරනු ලැබීය.
සැකකරුවන් අද(21) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.adaerana.lk
0 comments:
Post a Comment