
ගම් වදින අලින් පළවා හැරීම සඳහා විශේෂ වැඩසටහනක් ලෙස රක්ෂිත මායිම් වල මී මැසි පෙට්ටි සවි කිරීමට වනජීවි අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රක්ෂිත මායිම් වල අගල් කැපීම සහ තල් ගස් සිටුවීම ද සිදු කෙරෙන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ වල මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් ලබා ගනිමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
වන අලින් ගම් වැදීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අලි මිනිස් ඝාතන පිළිබඳ වාර්තා ඉහළ යාම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබේ. adaderana.lk
0 comments:
Post a Comment