
පාසල් නොයන ළමුන් පාසල් යැවීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැඩසටහන මේ වන විට ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
ඒ අනුව වැල්ලවත්ත , ගල්කිස්ස , මොරටුව යන පොලිස් බල ප්‍රදේශ වල පාසල් නොගිය ළමුන් 34 දෙනෙකු පාසල් යැවීම සඳහා කටයුතු කර තිබේ.
දෙහිවල පොලිස් බල ප්‍රදේශයේ පාසල් නොයන සිසුන් ද ඉදිරි සතිය තුළ පාසල් යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අධිකරණ නියෝග මත ආරම්භ කළ මෙම වැඩසටහන ඉදිරියේ දී කොළඹ නගරයේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශ වල ද ක්‍රියාත්මක කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පෙන්වාදෙයි.
ඒ සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
0 comments:
Post a Comment