![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiY3_4xsEIyWlwF6h-qjHcITNjedHyjLVLEHHpoHacBPAtKGgRxhYgbvGOSSJGeNgIpdX3V_yuv6Ntl1JdKzhkHOKp0ur3jOGitEgl1rJJp9ya7AIE0cla4mUYkD6-8pbo4N4xKlXe87zoh/s320/school.jpg)
පුනරුත්ථාපනය වෙමින් සිටින එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි 211 දෙනෙකු සමත් වී ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා එල්. ටී. ටී. ඊ රැඳවියන් 360 දෙනෙකු පෙනී සිටි බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව ඉන් බහුතරයක් මෙවර උසස් පෙළ විභාගය සමත්වීම විශේෂත්වයක් බව සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙවර උසස්පෙළ විභාගය සමත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාලය සඳහා ද තවත් 40 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලබනු ඇති බව ඔහු විශ්වාසය පළ කර සිටියි.
adaerana.lk
0 comments:
Post a Comment