
මූල්‍ය වංචාවන් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ සක්විති රණසිංහ නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
සක්විති රණසිංහ නැමති අය සහ ඔහුගේ බිරිඳ ද වෙස්වළාගෙන සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත නවගමුව ප්‍රදේශයේදී මිරිහාන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට පත් දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. adaderana.lk
0 comments:
Post a Comment