
මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කළ හිමිනමක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය විසින් සැකකරු මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කර ඇත.
අදාළ හිමිනම විසින් විහාරස්ථානයක බූදල් නඩුවක් සම්බන්ධයෙන් පළාත් බද අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයක මල්වතු පාර්ශවයේ මහ නාහිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති බවට අනාවරණය වීම මීට හේතුවී ඇති බව සඳහන්ය. අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට මෙම හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
adaerana
0 comments:
Post a Comment