![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ7Vd01Dkulqf5jhfRtMMcaqSBbZ-Q0DM74kLjJV8LzHoUIcZoManqTMWPco91SUbTEcn1KM7cfsuJ_hBfuhykvJx3aBRoGk96APW-QdO9ypCGiuho4U5dAwSbBMhAjj82awVKSG6EJH9Z/s320/naww.jpg)
නෞකාවල සිට තෙල් පොම්ප කිරීමේ කටයුතු දවසේ පැය 24 පුරා සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමගින් මසකට තෙල් සංස්ථාවට රුපියල් මිලියන 12ක ඉතිරියක් ලැබෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය. පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ පමණක් නෞකා මගින් තෙල් පොම්ප කිරීමේ කටයුතු මීට පෙර සිදුවු අතර මින් ඉදිරියට එය පැය 24 පුරාම සිදුකිරීමට නියමිතව ඇත.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම තෙල් පොම්ප කිරීමේ කටයුතු සිදුවන බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නෞකාවලින් බොරතෙල් පොම්ප කිරීම සපුගස්කන්ද දක්වා ද පිරිපහදු තෙල් පොම්ප කිරීම කොළොන්නාව දක්වා ද ඒ අනුව සිදුකෙරෙනු ඇත. adaderana
0 comments:
Post a Comment