
පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රාව නීතිවිරෝධී ලෙස එහි ස්ථානාධිපතිවරයා විසින් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ආනන්ද විජේසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වංචා විමර්ශන අංශය දැනුම් දුන්නේය. කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රාව නීතිවිරෝධී ලෙස භාවිතා කරමින් එක්තරා ආයතනයකට ලිපියක් යවා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව වංචා විමර්ශන අංශය තවදුරටත් දැනුම් දුන්නේය. adaderana
0 comments:
Post a Comment