
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස යළි වරක් පත් කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වසර 6 ක් සඳහා මෙම පත්වීම වලංගු වන අතර නව පත්වීම 2010 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ද කටයුතු කරන අතර 2006 ජූනි මාසයේදී ඔහු ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත්විය. adaderana
0 comments:
Post a Comment