![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuRNI2wXUJeO0q6QGlkk5G7LDff5hg3mNYYzRQb269sMpGkTYzYQTHOc09nUHSWu3rdg_sqvADLN3tTU4BAP7Cj6QFfzvQg18Sl6JSilp0soahS9ttP-3kcBLL5ReifdSWyQ-0_uf0cMVN/s320/duu.jpg)
බාල වයස් දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ වරද පිළිගත් පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ අද තීරණය කරන ලදී.
සුප්පයියා කන්දසාමි හෙවත් ජිල්බරි නැමති මොහුට මීට අමතරව රු.7,500 ක දඩයක්ද නියම කිරීමට විනිසුරු පී.වික්රමසිංහ මහත්මිය කටයුතු කළාය.
2006 වසරේ මැයි මස 29 වන දින රජයේ වැසිකිළියකට යමින් සිටි අවුරුදු 07 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි.
රජයේ අධිඅනීතිඥ දම්තිනීද සිල්වා මෙනවිය විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද බව සඳහන් වේ. adaderana
0 comments:
Post a Comment