
ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක පවත්වාගෙන යනු ලබන"බුද්ධ බාර්"නමින් හඳුන්වන අවන්හල් හා සමාජශාලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කර තිබේ. එම අවන්හල්වල සහ සමාජශාලාවල බුද්ධ ප්‍රතිමා තැන්පත් කර ඒ අභියස මත්පැන් පානය කිරීම විලාසිතාවක් වී ඇති බව සඳහන්ය. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එවැනි අවන්හලක ඡායාරූපයකි. එය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේය. මේ සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි රටවල තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment