![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkIeTnFXw4fQEP7dpQPDdvNaSVemg1717wsEkUfJ8xwEgqOy1C3ZRGn82tK6JJoryXoRk44lwHvIy-XjUobZt-cUvtqdN7ZO9XLqJSeFzrm7nL8S1f78vNygglKrxRxZoEEzs-nzTLnE7E/s320/lory.jpg)
දඹුල්ල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩඅටුගම, ඉහළගම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රී 8.30 ට පමණ ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය. අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් 50 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර අවිස්සාවේල්ල, දෙහිඕවිට ප්‍රදේශයේ දී ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම බස් රථය මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී අනතුරට පත් ව ඇති අතර පසුව ඒ අසල තිබූ තවත් බස් රථ දෙකක ගැටී ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. adaderana
0 comments:
Post a Comment