![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEit0ry2SPE5niXPgrJ2sYOEp2440ZLfI485x1itVlBq3MPdfKSMaeSiZTs5V0y0BssZArwjWskbG30E356OFJszjRBcTdIdPJ27nj0OGtqQpBmJ6QBT8V9XUMn4sACS-zg5rge38mXrKoK2/s320/dakuu.gif)
දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද අලුයම 3 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බව ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් නිවසේ ජනේල කිහිපයකට අලාභහානී සිදු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව අද අලුයම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නිවාස වලට ද මැර ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ. අම්බලන්ගොඩ පොලිසිය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana
0 comments:
Post a Comment