
අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරෙයි.
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම් කර ඇති බව සඳහන්ය. හිසතෙල් ගෑමේ නැකත උදාවන්නේ අද පෙරවරු 10.06ටය. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට බෝපත් ද, පයට කොහොඹ පත්ද තබා තෙල් සහ බෝ යුෂ නානු ගා ස්නානය කිරීම යහපත් වන බව අවුරුදු චාරිත්‍ර වල සඳහන් වේ. නව වසරේදී ලෙඩ දුක් වලින් තොර නිදුක් නිරෝගී ජිවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදුවන බව ඉතිහාසය දක්වයි. adaderana
0 comments:
Post a Comment