
මාතර නාදුවල සහ වටගෙදර යන ගම්මාන අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ඊයේ රාත්‍රීයේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගත් බව තිහගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් මාසිංහ මහතා සඳහන් කළේය. කාළාන්තරයක් තිස්සේ පවතින මතභේදයක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගැටුමෙන් තුවාල ලැබු 6 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගොස් ඇත. ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මූලික වු පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන තිහගොඩ පොලිසිය ප්‍රකාශ කළේය.adaderana
0 comments:
Post a Comment