Saturday, April 3, 2010

නොමිලේ වාර ප්‍රවේශ පත්‍ර


උතුරු-නැ‍ඟෙනහිර පාසල්වල ගුරුවරුන්ට නොමිලේ පාසල් වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අවතැන් ජනතාව යළි පදිංචි කළ ප්‍ර‍දේශයන්හි පවතින පාසල්වල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් සඳහා මෙම වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට නියමිත බව සඳහන් වේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඉගැන්වීම් කටයුතු සඳහා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන ගුරුවරුන්ට නොමිලේ ගමන් වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි එම ගුරුවරුන්ට රුපියල් ‍2000 ක ප්‍රවාහන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත..adaderana

ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් රට මුදාගත යුතුයි


ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් රට බේරාගැනීමට කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීධුර අපේක්ෂක රවී ජයවර්ධන මහතා පවසයි.
පසුගිය තිස් වසරක කාලය තුළ ව්‍යාජ දෙමළ දේශප්‍රේමීන් රට විනාශ කළ ආකාරයෙන්ම වර්තමානයේ සිංහල දේශප්‍රේමීන් යැයි කියාගන්නා පිරිසක් රට විනාශය කරා රැගෙන යමින් සිටින බව හෙතෙම කියා සිටියි.
හොරණ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ අභියෝගයට මුහුණ දුන් ජනතාව මෙම දේශප්‍රේමීන් යැයි කියාගන්නා පිරිසගෙන් රට බේරාගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය. adaderana

ඔඩ්ඩමාවඩි පාලම ජනතා අයිතියට


මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඉදිවූ ඔඩ්ඩමාවඩි පාලම ජන‍ාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙයි. ඊයේ පස්වරුවේ පාලම විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ස්පාඤ්ඤ රජයේ ණය ආධාර මත ඉදිකෙරුණු මෙම පාලම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 770කි. දිගින් මීටර් 250 ක් වන මෙම පාලමේ පළල 10.5 ක්‍ වේ. මෙහි ඉදිකිරීම් 2007 වර්ෂයේ ‍දී ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. adaderana

ෆොන්සේකා නිදහස් කරගැනීමට උපවාසයක්


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා උපවාසයක් ආරම්භ කරන බව ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා එකමුතුව පවසයි. එම එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය ලුණුගම්වෙහෙර කල්‍යාණරංසි හිමි පැවසුවේ අද පෙරවරු 9.30 ට පිටකෙ‍ාටුව බෝධිය අසල දී මෙම උපවාසය ආරම්භ කරන බවයි. ස්වාමීන්වහන්සේ කිහිප නමක් සහ තවත් පිරිසක් මෙම උපවාසයට එක්වන බව පූජ්‍ය ලුණුගම්වෙහෙර කල්‍යාණරංසි හිමි සඳහන් කළේය. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන දින 55 ක් ඉක්ම ගිය ද නිදහස් නොකිරීම හේතුවෙන් මෙම උපවාසය ආරම්භ කරන බව ද උන්වහන්සේ කියා සිටියේය. adaderana

ඇත් පැටවා නිල සුරතලා වෙයි


2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල සුරතලා ලෙස ඇත් පැටවා නම් කර තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ටිකට් පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ සිදුවූ අවස්ථාවේ දී මෙම නම් කිරීම සිදුවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ශාරාඩ් පවර් මහතා අතින් ටිකට් පත ජනාධිපතිවරයාට ලබා දුනි. කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම උත්සවයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හරූන් ලෝගාට් මහතා , ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. adaderana

විශ්වාසය ආරක්ෂා කරනවා


පක්ෂය තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැමවිටම ආරක්ෂා කරන බවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක මොහොමඩ් මුසම්මිල් මහතා අද ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
මහජන ඡන්දයෙන් එක් පක්ෂයකින් තේරී පත්වී වෙනත් පක්ෂයකට මාරු වීම ද්‍රෝහිකමක් මෙන්ම වංචාවක් ද වන බව මුසම්මිල් මහතා පවසයි. ඒ අනුව තමා සැමවිටම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ ප්‍රතිපත්තීන්ට ගරු කරන බව දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් මුසම්මිල් මහතා සඳහන් කළේය. කළේ ඡන්ද දායකයාගේ විශ්වාසය කඩකරන හෝ පක්ෂයේ ගෞරවය පළුදු වන කිසිදු ක්‍රියාවකට දායක නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

Friday, April 2, 2010

Paba

නිශාන්ත පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට


වයඹ පළාත් සභා මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා ලබන පස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පිස්තෝලයකින් පහරදී පුද්ගලයෙකුට තුවාල සිදුකරන ලදැයි පොලිසිය අධිකරණය හමුවේ දැක්වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව හලාවත දිසා විනිසුරු කේ.ශිවපත්තියර් සුන්දරම් මහතා අද මෙම නීයෝගය ලබා දුන්නේය. ඊයේ අළුයම එක්සත් ජනතා නිදහස් සන්ධාන අධාරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්ය.adaderana

විශ්වාසය ආරක්ෂා කරනවා


පක්ෂය තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැමවිටම ආරක්ෂා කරන බවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක මොහොමඩ් මුසම්මිල් මහතා අද ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
මහජන ඡන්දයෙන් එක් පක්ෂයකින් තේරී පත්වී වෙනත් පක්ෂයකට මාරු වීම ද්‍රෝහිකමක් මෙන්ම වංචාවක් ද වන බව මුසම්මිල් මහතා පවසයි. ඒ අනුව තමා සැමවිටම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ ප්‍රතිපත්තීන්ට ගරු කරන බව දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් මුසම්මිල් මහතා සඳහන් කළේය. කළේ ඡන්ද දායකයාගේ විශ්වාසය කඩකරන හෝ පක්ෂයේ ගෞරවය පළුදු වන කිසිදු ක්‍රියාවකට දායක නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana

ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට


අතුරුගිරිය හොරහේන ප්‍රදේශයේ සිදුවු ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු බත්තරමුල්ල තලාහේන ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. හොරහේන ප්‍රදේශයේ පිහිටි "නිව් සිටි" නිවාස සංකීර්ණයේ නිවසක් තුළ ඝාතනයට ලක්ව සිටි කාන්තාවක පොලිසිය විසින් සොයා ගත්තේ පසුගිය 27 වන දිනය.
මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී මියගිය කාන්තාව හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන්නියක් බව අනාවරණය වී තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශන වලින් පසු එම ප්‍රදේශයේම පදිංචි සැකකරු සහ මියගිය කාන්තාව සතුවු රන් ආභරණ සහ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය. adaderana

ආරක්ෂාව ගැන සතුටුයි


2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට දී පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සළසා ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටට පත්වන බව අයි.සී.සී. උප සභාපති ශාවඩ් පවර් මහතා පවසයි.
තරගාවලිය පැවැත්වීමට සුදුසු ආරක්ෂක තත්ත්වයක් මෙරට පවතින බව තමන් විශ්වාස කරන බව ඔහු පැවසුවේය. ශාවඩ් පවර් මහතා මේ අදහස් පළ ‍කළේ 2011 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ අතර අදාළ තරගාවලියේදි මෙරට පැවැත්වෙන ක්‍රිකට් තරග සඳහා අවම ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 50 දක්වා පහළ හෙලීමට තීරණය කර ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රි ලංකාවේ ලෝක කුසලාන ක්‍රිකට් කමිටු සංවිධාන ප්‍රධානී සුරාජ් දන්දෙනිය මහතා පැවසු‍වේය. මීට අමතරව මේ වසරේ ජුනි පළවැනිදා සිට අන්තර්ජාලයෙන් ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ශකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව ද අන්තර්ජාතික ක්‍රිකට් කමිටු සභාපති හරූන් ලෝගාට් මහතා පවසා සිටියේය. adaderana

පෙට්‍රල් ප්‍රමාදයට හේතුව නව හඳුන්වාදීමක්


දිවයින පුරා ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථ‍ාව අවධාරණය කරයි.
කෙසේ වෙතත් ඉන්ධන බෙදා හැරීමේ සුළු ප්‍රමාදයක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කළේය. ඉන්ධන බෙදා හැරීම සඳහා ටර්මිනල් සමාගමට හඳුන්වා දුන් නව පරිඝණක ක්‍රම‍වේදයක් හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බව විජේතුංග මහත්මිය අවධාරණය කළේය. එම තත්ත්වය මග හැරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව ද ඇය ප්‍රකාශ කළේය. adaderana

කප්පම් ගැනීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට


හැටන් ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි තුනහමාරක පමණ කප්පම් මුදලක් ගැනීමට තැත් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ පස්වරුවේ කළ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බව සඳහන්ය. මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය පැවසුවේය.
හැටන් ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු‍‍ වෙත දුරකථනය මගින් තර්ජනය කරමින් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර අධිකරණ නියෝගයක් මත පොලිසිය විසින් අදාළ දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත. පසුව කප්පම් ගෙවන බවට සඳහන් කරමින් ව්‍යාපාරිකයා‍ගේ නිවසට සැකකරුවෙකු ගෙන්වා ගෙන ඇති අතර එහි දී ඔහු අත්අඩංගුවට ‍ගෙන තිබේ. ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටිය දී සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය. adaderana

ජනතා සිහින මල් ඵල ගැන්වීමට කැපවෙනවා


කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑ අහිංසක ජනතාවගේ අනාගත සිහින මල් ඵල ගැන්වීමට තමා කැප වී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජාති, ආගම්, කුල භේදය අමතක කොට රට ගොඩනැගීමේ කාර්යයට උර දීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වව්නියාව මහ නගර සභා පිටියේ දී ඊයේ පස්වරුවේ දී පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
වන්නි ප්‍රදේශයේ ජනතාවට නවීන පහසුකම් භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ යෙදීමේ අවශ්‍යතාව හැකි ඉක්මනින් උදා කරන බව එහි දී වැඩි දුර‍ටත් අදහස් දැක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ප්‍රදේශයේ වාරි මාර්ග සඳහා අවශ්‍ය ජල පහසුකම් ඉක්මනින් ලබා දෙන බවට ද ජනාධිපතිවරයා එහි දී පොරොන්දු වී තිබේ.adaderana

මන්ත්‍රීවරුන් පත් නොකිරීම අයිතීන් කඩකිරීමක්


පාර්ලිමේන්තුවේ පුරප්පාඩු සඳහා මන්ත්‍රීවරුන් පත් ‍නොකර සිටීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ව්‍යවස්ථාදායකය ක්‍රියාවට නැංවීමේ අයිතිය පැහැර හැරීමක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම්.එම්.එම්.මුස්තාෆා, ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන්ට ලබන 6 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී දිවුරුම් දීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් කතානායක වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මන්ත්‍රීවරයෙකුට දිව්රුම් දීම වැළැක්වීමේ කිසිඳු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාව මඟින් පනවා නොමැත. යම් හෙයකින් එසේ දිව්රුම් දීම වළක්වාලුවහොත් එය පාර්ලිමේන්තු මහලේකම් සහ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව විපක්ෂනායකවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය මන්ත්‍රීධූරය අහිමි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන්ට තව දුරටත් ඇමති සහ මන්ත්‍රී වරප්‍රසාද ලබා දීමකි.
ඔවුන් පාර්ලිමේන්තු රැස්වීමේ සඳහා සහභාගී වීම ආගන්තුකයන් පාර්ලිමේන්තු රැස්වීමේ සඳහා සහභාගී වීමක් බැවින් එය පාර්ලිමේන්තු වරප්‍රසාද පූර්ණ වශයෙන් කඩ කිරීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපිය මගින් දන්වා සිටියි. එබැවින් අදාළ පුද්ගලයන්ට නව මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේ අවස්ථාව ලබන 6 වනදා ලබා දිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා වෙත වැඩි දුරටත් දන්වා සිටියි. මේ සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවට ද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි. adaderana

ක්‍රීඩා සමාජ තුළින් තරුණ පරපුරට විදේශ රැකියා


ක්‍රීඩා සමාජ තුළින් තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
ක්‍රීඩා සමාජ තුළ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින බවට සමීක්ෂණ වලින් හෙළි වී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. මෙම පිරිස හඳුනාගෙන වෘත්තීය පුහුණුව ලබා දීමෙන් පසු විදේශ රැකියා සඳහා යොමු කරවීම වැඩසටහනේ අරමුණ බව ඔහු සඳහන් කරයි.
ඒ යටතේ සූරිය වැව, ලුණුගම්වෙහෙර හා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ලියාපදිංචි ක්‍රීඩා සංගම් 70 ක් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වීමට නියමිතය. මීට පෙර උඩුනුවර, මිනුවන්ගොඩ සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ක්‍රීඩා සංගම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රීඩා උපකරණ බෙදා දී ඇත.adaderana

තීන්දු ගන්නේ සිසු දරුවන් වෙනුවෙන්


නිලධාරීන් සුලු පිරිසක් සතුටු කිරීම වෙනුවට තමන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නේ ලක්ෂ 40 ක් පමණ වූ සිසු දරුවන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කිසිදු අහිතකර තීන්දුවක් තමන් නොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මීගොඩ මධ්‍ය මහා විද්‍යාලය ඉසුරු පාසලක් බවට පත් කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයක දී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව ප්‍රකාශ කළේය. වසර 13ක් ප්‍රමාදව පැවති විදුහල්පති සේවාවේ පත්වීම් සහ උසස්වීම් ලබා දීමට තමා පියවර ගත් බව එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adadera

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්


සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබේ.
ඒ අනුව අප්‍රේල් 7 වන දා සිට අප්‍රේල් 18 වන දින දක්වා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලය පවසයි. කොළඹ කොටුව සිට බදුල්ල, රඹුක්කන, මහව, ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වෙත විශේෂ දුම්රිය ධාවනය වන අතර එම ප්‍රදේශ වල සිට කොළඹ දක්වා පැමිණීමට ද දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ යටතේ ‍අප්‍රේල් මස 7 , 9 , 10 , 11 සහ 12 යන දිනවල දී රාත්‍රී 7 . 20 ට කොළඹ කොටුවෙන් බදුල්ල දක්වාත් 9 , 10 , 11 සහ ‍12 දින වල පෙරවරු 9 .15 ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය කිරීමට නියමිතව ඇත.
අප්‍රේල් මස 12 වන දින රාත්‍රී 7 .30 ට ද රඹුක්කන දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙයි. මේ මස 7 වන දින පෙරවරු 8.45 ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා තවත් දුම්රියක් ධාවනය වීමට නියමිතය. මීට අමතරව දිනපතා ධාවනය වන දුම්රිය සඳහා අලුතින් මැදිරි එක් කිරීමට ද පියවර ‍ගෙන ඇති බව දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලය සඳහන් කළේය. adaderana

Tuesday, March 30, 2010

රන්මිණිතැන්න විවෘතයි


රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට ස්වල්ප මොහොතකට පෙර විවෘත විය. adaderana

එජාප රජයක් යටතේ 10,000 ක වැටුප වාරික 4කින්


තම ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් වාරික 4ක් යටතේ සිදුකරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා‍ මේ අදහස් පළ කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කර භාණ්ඩ මිල පහත හෙළීමට පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය. ජංගම දුරකථන සඳහා පනවා ඇති බදු ද ඉවත් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

සංවර්ධිත ‍දේශයක් වෙනුවෙන් කැපවෙනවා


ඒකීය රටක් මෙන්ම සංවර්ධිත ‍දේශයක් අනාගත පරපුරට උරුම කරදීමට තමන් කැපවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ ආර්ථිකය ශක්තිමක් කර සියලු ජනතාවගේ ජිවිත ගොඩනැගීමේ වගකීම ඉටුකිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අද‍ පෙරවරුවේ අම්බලන්තොට දික්වැල්ලවත්තේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රටේ සංවර්ධන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

අප්‍රේල් 8න් පසු දැඩි තීන්දු ගන්නවා


අප්‍රේල් 8 වැනිදායින් පසු දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.
මෙතෙක් දැඩි තීන්දු තීරණ ගනු ලැබුවේ මානුෂීය අයිතිවාසිකම් නැති කිරීම‍ට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කිරීමට නොවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මාතර කඹුරුපිටියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා මේ බව කියා සිටියේය.
දේශීය හා ‍විදේශීය ව‍ශයෙන් රටට එල්ල වන තර්ජන ගර්ජන මෙල්ල කර ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට දැඩි තීන්දු තීරණ ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. තුනෙන් දෙකක ජනවරමක් ලබාදී රජය සමඟ මෙරට ජනතාව සිටින බවට විදේශීය රටවලට පණිවිඩයක් ලබාදිය හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

සිව් මසක් තුළ සියලු උපාධිධාරීන්ට රැකියා


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවා සිව් මසක් තුළ රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර ගන්නා බව එස්.බී.දිසානායක මහතා පවසයි.
ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා මේ අදහස් පළ කරන ලදී. උසස් පෙළ , සාමාන්‍ය පෙළ මෙන්ම විවිධ ඩිප්ලෝමා සමත් වු දරුවන් තුන් ලක්ෂ 60,000 ක් පමණ මෙරට තුළ සිටින බව එස්.බී.දිසානායක මහතා පෙන්වා දෙයි.
එයින් ලක්ෂයකට මේ වසර තුළදී රැකියා ලබාදීමට පියවර ගන්නා බව එස්.බී.දිසානායක මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම වතුකරයේ උගත් තරුණ තරුණියන් හට මෙහිදී විශේෂ සැළකිල්ලක් දක්වන බව හෙ‍තෙම කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.බී. දිසානායක මහතා කියා සිටියේ විසි වන වරටත් මැතිවරණ පරාජයේ අභියස රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවයි. adaderana

රාජගිරිය නොසන්සුන්


රාජගිරියේ පවත්වන්නට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ මහ රැළියට අදාළ සැරසිලි පොලිසිය විසින් ඉවත් කිරීම නිසා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්යක් වර්ධනය වී ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
මෙම රැළිය අද සවස 3.00 ට රාජගිරිය නගරයේදී පවත්වන්නට නියමිතව තිබිණි.
එහෙත් ඊට අදාළ සැරසිලි,කටවුට් ආදිය ඉවත් කර ඇති අතර ඒවා සමහරක් පොලීසිය බාරයේ තබා‍ගෙන ඇති බවත්,එ.ජා.ප ආධාරකරුවන් ඒවා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙන බවත් අප වාර්තාකරු පවසයි. adaderana

පොලීසිය 58,700 යි-හමුදාව 19,500 යි


මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මේ වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 219 ක් වාර්තා වී ඇති බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
එකී සිදුවීම් වලට අදාළව පුද්ගලයින් 174 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්,එයින් 161 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති වගද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
ඉතිරි පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත්,මේ වන විට මඩකළපුව ප්‍රදේශයෙන් 24 ක්,මහනුවරින් 20 ක්,මාතලේ 13 ක්,කන්තලේ 12 ක් වන සේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
නුවරඑළිය ප්‍රදේශයේද බරපතල සිදුවීම් වාර්තා වීමට ඉඩ ඇති නිසා සාමය ආරක්ෂා කිරිමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය. මැතිවරණ සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 58,700 ක් ද ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 19,500 ක් ද යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ පැමිණිලි කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදීම කියා සිටියේය.

ඊට අමතරව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකුගෙන්ද සමන්විත පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජංගම මුර සංචාරයේ යෙදවීමට කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.adaderana

ජංගම දුරකථනයටත් අකුණු එන්න පුළුවන්


අකුණු සහිත තද වැසි පවත්නා කාලගුණ තත්ත්වයක් අත්දකින්නට ඇති හෙයින් ජංගම දුරකථන භාවිතය අවදානම් සහගත බව කාර්යභාර කාලගුණ විද්‍යාඥ ඩී.ඒ ජයසිංහ ආරච්චි මහතා පවසයි.
අකුණු සහිත තද වැසි පවත්නා විට රැහැන් සහිත දුරකතන භාවිතය ඉතාමත් අවදානම් බවත්,ඒ තරමටම නොවුණත් ජංගම දුරකතන භාවිතයත් අවදානම් බවත් හෙතෙම කියා සිටියි.
මාතලේ- උකුවෙල ප්‍රදේශයේ වත්තක සිටි පුද්ගලයින් පස් දෙනෙකු අකුණු සැර වැදීමෙන් ඇතිවූ කම්පනමය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවූවත් එක් පුද්ලගයෙකු ළඟ තිබූ ජංගම දුරකතනයක් හේතුවෙන් මෙම අකුණු සැර වැදී ඇති බවද සඳහන් වේ.adaderana

නුවරඑළියට එස්.ටී.එෆ් කැඳවයි


නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පවසයි.
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් අතර දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අද දෙරණ වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පති ගාමීණි නවරත්න මහතා සමඟ ද තමන් සාකච්ඡා කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජංගම රථ දිස්ත්‍රික්කය පුරා යෙදවීමට සැලසුම් කර ඇති බව ‍ ඩී.පී.ජී කුමාරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


කිලෝග්‍රෑම් 100 කට අධික ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හුංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රී රත්නවේල්ල මාර්ග බාධකයේ දී ලොරියක් පරීක්ෂා කිරීමේ දී මෙම ගංජා තොගය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. ලොරියේ වහලයේ සකස් කර තිබුණු විශේෂ රහස් කුටියක් තුළ මෙම ගංජා තොගය අසුරා තිබූ බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හුංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

දැන් රටේ නීතියක් නෑ


රටේ නීතියක් නොමැති තත්ත්වයකට පත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
රජය මේ වන විට විපක්ෂයේ දේශපාලන නායකයින් මර්දනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කරයි. කුරුණෑගල රීදීගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් දයාසිරි ජය‍සේකර මන්‍ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ඇතැම් පොලිස් ස්ථාන මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා කාර්යාලය ලෙස කටයුතු කරමින් සිටින බව ඔහු එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana

ජනතා ගැටලු විසඳන මැතිවරණයක්


මෙවර මැතිවරණය ජනතාවගේ ගැටලු විසඳන මැතිවරණයක් ලෙස සැලකිය යුතු බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
තරුණ තරුණයින්ට රැකියා අවස්ථා හිමි කර දීමට එහි දී වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඊයේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් සරත් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේය. යුද්ධය අවසන් කර ඇති මේ මොහොතේ රට සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana