![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIxzjTFbv5EVVZ6x7wHmcTnlWcEuoemkriL4WKaigv9NjCRqDAWTfoo4tv1ha81SXcA8MORTqZ5rYMHA0SxUXeu6wnl1stUR0dzdMHOFa6XH2DoO0Zht2G-SovZwf2O6Nx46qeSR36l0S3/s320/viro.jpg)
ගාල්ල, බොපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(28) විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුරකුටියේ වහලය මත නැගී විරෝධතාවක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ප්‍රාදේශීය සභා සභාපතිවරයා වහා සිය තනතුරෙන් පහ කළ යුතු බවට බලකෙරෙන පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත ව තිබේ.
මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහභාගී වී සිට ඇති අතර පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මෙම විරෝධතාව අත්හිටවූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පළාත් මහ ඇමතිවරයා සමග අදාළ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් ලබාදීමට එහිදී පළාත් පාලන කොමසාරිස්වරයා එකඟවී ඇත.adaderana.lk
0 comments:
Post a Comment