![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEge0SWvX_m2JGnvYvWt0vcYKidXOI2axGBK3p65J0wmTdOVoGPaAM9bqQbj0n-S6_Fz76ZTSsCo2vCCjhrFRW0_zqc5XZA2PijKzaVk6KT7P-H_JTeg2feVKqK9Y4foiL0fCHGc6ii6Ig19/s320/bull.jpg)
විදුලි ඒකක 90 දක්වා වූ විදුලි ගාස්තු සහනය ඒකක 120 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව විදුලි ඒකක 120 ට ඉහළ පාරිභෝගිකයින්ට පමණක් විදුලි ගාස්තුවල වැඩිවීමක් සිදුවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.
ලක්ෂ 46 ක් පමණක් වන සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 42 ක් විදුලි ඒකක 120 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම ජනතාවට සහනයක් දීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.adaderana.lk
0 comments:
Post a Comment