![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDCGxMwgx3hyphenhyphenvqvyoWg3FtjM1WF7OUkRM3J4s5qxKTziMXvyl8Z4RS-QArwHD5YYqx1VcmtWzpxC3wwNusGYAUTH1ku1MPbsrcE4KIIYGHRUTYssNzIKjYLa8PYbJhHO-pUlDKvcxuCmTD/s320/gall.jpg)
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගාල්ල ශාඛාව ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. කොරියානු රැකියා සඳහා ලියාපදිංචි වීමට පැමිණි පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අද අලුයම කාලයේ සිට එහි රැඳී සිටි ලියාපදිංචි වීම සඳහා පැමිණි දහස් ගණනක පිරිසට අමතරව පිටස්තර පුද්ගලයින් ලියාපදිංචි කිරීම සිදුවූ නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය. එහිදී ඇතමුන් විසින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගල්මුල් ප්රහාර ද එල්ල කර ඇති අතර එම පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවා තිබූ බව අද දෙරණ වාර්තාකරු ප්රකාශ කළේය. කොරියානු රැකියා සඳහා දිනකට ලියාපදිංචි කෙරෙන්නේ 600 ක පමණ පිරිසක් වුව ද ලියාපදිංචි වීම සඳහා 2000 ක පමණ පිරිසක් පැමිණ සිටි බව සඳහන්ය. adaderana.lk
0 comments:
Post a Comment