
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අද වව්නියාවේ දී රැස්වෙයි. වව්නියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ දී පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා මෙම කොමිසම රැස්වන අතර පස්වරු 2 සිට 5 දක්වා සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එය රැස්වීමට නියමිතය.
එම කොමිසම වෙත සාක්ෂි සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අදාළ ප්‍රදේශවල මහජනතාවට ලබාදී තිබේ. මේ අතර ඊයේ කොළඹ දී රැස්වූ කොමිසම හමුවේ අධිනීතීඥ එස්.එල්. ගුණසේකර මහතා සාක්ෂි ලබා දුන්නේය.
දේශපාලන පක්ෂවල අසමගිය ජනවාර්ගික ගැටලුවට මූලික හේතුවක් වූ බව එහිදී ඔහු සඳහන් කළේය. ත්‍රස්තවාදය නිමා වුව ද සිවිල් ජනතාවට සිදුවන අසාධාරණකම් නිමා වී නැතැයි ගුණසේකර මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් අවධාරණය කළේය.
adaderana.lk
0 comments:
Post a Comment