![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirHCe56EoUd986TQjimRCLDqjQ0Fx5sWxvWkfe6mXSDnPzwq99jlGtBl_tNT-vqw8tlZwBIh89uxNuiM89jppPJK8PhJfC7KmBZv0ZbpkTx2yDlpeCfCNQrNDVKDdAlZPtYN6nH4kHHAPQ/s320/dum.jpg)
වාර්ෂික මරදමඩු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය 6 ක් ධාවනයට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. කොළඹ -කොටුව, දකුණු කළුතර, මොරටුව සහ මීගමුව කේන්ද්‍ර කරගනිමින් මෙම දුම්රිය සේවාවන් ක්‍රියාත්මකය. මීට අමතරව කොළඹ කොටුවේ සිට මැදවච්චිය දක්වා දෛනිකව දුම්රිය 6ක් ධාවනය වන බව ද අමාත්‍යාංශය පවසයි.
දුම්රියෙන් පැමිණෙන සියලු මගීන්ට මැදවච්චිය සිට මඩු දේවස්ථානය දක්වා විශේෂ බස්රථ සේවයක් ද ක්‍රියාත්මක කරන බව මඩු මංගල්‍යය වෙනුවෙන් පළමු විශේෂ දුම්රිය පිටත්වීෙම් අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. adaderana.lk
0 comments:
Post a Comment