![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0n5AleF36vdCMaXTftYmlx5qYcn5tN1JFsdvZArO3L84z0Rm3is5aqccbKt3fPggKrlk_Ju6cV2i4d7LR-18wQPB9cNaLmD3hlF36VMa3605mWcjn0BR3_p-KiTMo9L11CCXVkvB7Xodh/s320/araa.jpg)
සනත් ජයසූරිය පමණක් නොව චමින්ද වාස් ද 2011 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කරගැනීම සම්බන්ධයෙන් සලකාබලන බව ජාතික තේරීම්කාරක කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. ඔවුන් පිළබඳව අවධානයෙන් සිටින බවත්, අවශ්‍යතාවයක් මතුවුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් වෙත ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.
අද දෙරණ වෙත අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය. තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එම තීරණය බලපෑමක් නොවන බවත්, ඔවුන් වෙත පළමුව අවස්ථාව ලබාදෙන බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana
0 comments:
Post a Comment