![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirqYFDefK7_4qtZnienWrc6Ge58BQgb0KBXkHcITEza2VWZwI7bVCNWRo7VZ3oyvu6heMC-AckhJgnLS8SHAiKqmJD9_8sq3zTcdN3HFCpWR1vm76b_O0aRog4sfD7IB9pXtI8qfPekSpk/s320/army.jpg)
යුද හමුදා සේවය අතහැර ගිය සෙබළුන් දහසය දහසකට අධික පිරිසක් 2009 මැයි මාසයේ සිට මේ දක්වා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදාව පවසයි. අදියර 3 ක් යටතේ පැවති පොදු සමා කාලය තුළ දී මෙම පිරිස නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උභය මැදවල මහතා ප්‍රකාශ කළේය.
පසුගිය ජුනි 30 වන දිනෙන් අවසන් වූ කාලය තුළ සෙබළුන් දෙදහස් එකසිය දෙනෙකු නීත්‍යානූකුලව සේවයෙන් ඉවත් වී ඇති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව 2009 මැයි 31 වැනි දින සිට මේ දක්වා සෙබළුන් 16, 100 ක් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වී ඇති බව සඳහන්ය. adaderana
0 comments:
Post a Comment