![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfdEHIGEdV7gTaOo_HKBwC4S-M1Kr0NOQF2oHwTNxmGfN52Qb9zZdP-DIr3DPUIxBwvr01LDDmFUltkykoYp5BtG08TxKXNiq79ID6qf_pfWso7-2kcoyNA30ryoJctL3TILLkxCRNeJpT/s320/matt.jpg)
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රී නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිසියේ වීදුරු ජනේලයකට පහර දීම නිසා සිදු වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. එයට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රී මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇත.
උද්ඝෝෂකයින් විසින් පොලිසියට ගල් මුල් ප්‍රහාර ද එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය. එහි දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා තිබේ. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment