![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin3y4CaNG70UEKMj9s17qCHe5qxjLAs-zxOilXSKbhnKqQr6gVa-nDMfJs5GjlYqPoJpGuVpScXaYphluQQr32qf6gQdmTgo8so6RmMZCXGOBlClYCBwRuMUBnxUXRNleDuhOITCpkHy3A/s320/gini.jpg)
එම් 16 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රී ආණමඩුව, පුත්තලම මාර්ගයේ කොට්ටුකච්චිය ප්රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලිසිය ප්රකාශ කළේය.
පුත්තලම දෙස සිට ආණමඩුව දෙසට පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් ලුහු බැඳ ගොස් සිදු කළ පරීක්ෂාවක දී මෙම ගිනි අවිය සොයා ගෙන ඇත. ගිනි අවිය සමඟ මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ආණමඩුව පොලිසිය මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana
0 comments:
Post a Comment