
මෙරටදී පැවැත්වීමට නියමිත අයිෆා සිනමා සම්මාන උළෙල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 6,000 කට වැඩි පිරිසක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අයිෆා සිනමා උළෙල වෙනුවෙන් කොළඹ නගරයේ අලංකරණ කටයුතු ඇතුළු විශේෂ ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් දියත් කර තිබේ.
සිනමා උළෙල සඳහා පැමිණෙන ආරාධිතයින් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය ද කටයුතු යොදා ඇති බව සඳහන් වේ-. adaderana
0 comments:
Post a Comment