![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCOW4OXGDQAqWXU3gVj1Gb728AECJVEnrIdsr0ZET2Sw40Wt3z7GYgYlBsmXkejOthCsrjcHCnM_H2c3LAWsF8XFcKvTXlTYPnKLnH1ItArEFvxRu_pWfL37EXx1x9sFfkd0U7iLJvMLmA/s320/bim.jpg)
වව්නියාව, ඉරණ ඉරුප්පුකුලම් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ යෙදී සිටි ප්‍රංශ ජාතිකයෙකු බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේ දී එය පුපුරා ගොස් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ දහවල් මෙම පිපිරීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. මොහු වව්නියාව ප්‍රදේශයේ ස්විට්සර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයෙකු බව වාර්තා වේ.
පිපිරීමෙන් තුවාල ලැබු ප්‍රංශ ජාතිකයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇත. මේ අතර එම ප්‍රංශ ජාතිකයාව වව්නියාව රෝහලට ගෙන ඒමට ගිය ගිලන් රථය අනතුරට පත් වීමෙන් එහි රියදුරු සහ සහයකයාද තුවාල ලබා ඇති බව වාර්තා වේ. වව්නියාව, මඩු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana
0 comments:
Post a Comment