![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwvWKuArlh_3hIb0XpfbN3-Kxags0ZJyhOwyqJ9s7qAnps4-VROz9TtHsFpz8T4nNNFdrnPcE36j_Hjl_1FbNT2TpEm3TwI-JI98eL3pWC4s1OE7Y0N74ll1KvFNIyFHqwX8BNDeqcG3kp/s320/uturu.jpg)
උතුරු නැගෙනහිර පළාත්වල ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මහනායක හිමිවරුන් දැනුවත් කර තිබේ. උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක ස්ථාන 1,500 ක් පමණ ඇති බව මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදුටු පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කළේය.
පුරා වස්තු පිළිබඳව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට ද උන්වහන්සේ මෙහිදී පියවර ගනු ලැබීය. පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බැවින් මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඊට අවශ්‍ය බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එහිදී කියා සිටියේය. එහිදී මහානායක හිමිවරු ඊට කැමැත්ත පළ කළ අතර එම වැඩපිළිවෙළ සකස් කර තමන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියෝය. adaderana
0 comments:
Post a Comment