
කොළඹ නගරය අලංකරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඕමාර් කාමීල් මහතා පවසයි.
ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දියානු අයිෆා සිනමා උළෙල වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම කියා සිටියි.
මෙම උළෙල සඳහා ඉන්දියානු සිනමා කර්මාන්තයේ නියැළී සිටින ආරාධිතයින් 600 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය..
එමෙන්ම ඉන්දීය සුපිරි නළු නිළියන් රැසක් ද සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම සිනමා උළෙලට සහභාගී වන බව සඳහන් වේ. adadberana
0 comments:
Post a Comment