Monday, April 26, 2010
මයෝන් මුස්තාපාට අධිචෝදනා
ඉකුත් ජනාධිපතිවරණ සමය තුළ සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කර වීම සඳහා අල්ලස් ලබා දීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට එරෙහිව කොළඹ මහා අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
නීතීපතිවරයා විසින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු නම් කර තිබුණි.
ඉකුත් ජනාධිපතිවරණ කාලය තුළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම සඳහා රුපියල් ලක්ෂ 43 ක මුදලක් ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට ලබා දුන් බවට චෝදනා ගොනු කර තිබුණි.
මෙමගින් මයෝන් මුස්තාපා මහතා ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලදී.
සාක්ෂි වශයෙන් දුරකථන ඇමතුම් නාමාවලියක් , හඬ පටයක් සහ වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.adaderana
0 comments:
Post a Comment