![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW1HhKaDbqEDkS_f9qfso7rviF7tm2aqDfyf-WwGSPqBFBI__Gq74HzZNsjq98i53yl7Ws4MTg4RX2Q0Xz_tcChl3kks-JkyyJUMMN7g2sOuHT8Qpv2hX79cRH4CUO_uRjTpLErtkTZ8im/s320/fonse.jpg)
හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ජුලි 8 වැනිදා දක්වා කල් තබා තිබේ.
අගවිනිසුරු අශෝක ද සිල්වා ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද කැඳවනු ලැබිණි..
පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීමට දෙපාර්ශවයටම කල් දුන් අධිකරණය අනතුරුව නඩු විභාගය ජූලි 8 වැනිදා දක්වා කල් තබන ලදී.
යුද හමුදාව මඟින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධි බවත් එබැවින් ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ගොනු කර තිබුණේ අනෝමා ෆොන්සේකා මහත්මිය විසිනි. adaderana
0 comments:
Post a Comment