![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEju8i-sXBS97Ml_HN5REsutLU-BUey5nEdziygsdtkhBvSJFearIlAX8ft9qehFwVc6pePHJoQXoULY2t5brye-LE3gMRB7mEeI3OgGk-9hp325sZYj09v5SsutPSfEx5N3FJ9NoOoQnHsg/s320/diwa.jpg)
මසුන් මැරීම සඳහා යොදා ගත් තහනම් ධීවර ආම්පන්න තොගයක් දිස්ත්රික් ධීවර රැකියා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමක දී දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
දිස්ත්රීක් ධීවර රැකියා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ එස්.ඩී ජෝර්ජ් මහතා පවසන පරිදි මඩකළපුව චෙංකලඩි සහ වෙල්ලාවේලි ප්රදේශ වල දී අදාළ වැටලීම් සිදු කර ඇත.
එහි දී සැකකරුවන් පළා ගොස් ඇති අතර රුපියල් ලක්ෂ 19 ක් පමණ වටිනා නීති විරෝධී දැල් ආම්පන්න එම නිලධාරීන් භාරයට ගෙන තිබේ.. එම දැල් ආම්පන්න අද මඩකළපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රජය විසින් තහනම් කර ඇති දැල් ආම්පන්න භාවිත කර මසුන් මැරීම හේතුවෙන් මඩකළපුව කළපුවේ කුඩා මසුන් විශාල වශයෙන් විනාශ වී ඇති බව අනාවරණය වී තිබිණි. adaderana
0 comments:
Post a Comment