
රත්නපුර, පානදුර මාර්ගයේ ඉංගිරිය රෝහල අසල සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද දහවල් 1ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලොරි රථය අසල සිටි කාන්තාවක බව සඳහන්ය.
මෙම සිද්ධියත් සමග කුපිත වූ ප්‍රදේශවාසීන් බස්රථයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව අප වාර්තාකරු පැවසුවේය. මේ හේතුවෙන් මේ වන විට රත්නපුර හා පානදුර අතර පෞද්ගලික බස්රථ ධාවනය තාවකාලිකව ඇණ හිට තිබේ.adaderana
0 comments:
Post a Comment