Saturday, March 6, 2010

ෆොන්සේකාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩනය අවසන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා පිළියෙළ කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
චෝදනා වලට අදාළ තාක්ෂණික වාර්තාවක් ද පිළියෙළ කර ඇති අතර ඉදිරි සතිය තුළ එම වාර්තා යුද හමුදාපතිවරයාට භාර දෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම ෆොන්සේකා මහතා සම්බන්ධ නඩුවට අදාළ සාක්ෂි පුද්ගලයන් 31 දෙනෙකුගෙන් ලබා ගෙන ඇති බව ද ප්‍රසාද් සමරසිංහ මහතා අවධාරණය කළේය.
එමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන බවට අද පුවත්පතක පළවූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙවැනි අසත්‍ය ප්‍රකාශයන්ගෙන් වලකින ‍ලෙස ද ඒ මහතා මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 17දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් කළ බව ද, එම නිලධාරීන් අතරින් 11දෙනෙකු මේ වනවිට ප්‍රශ්න කිරීම් වලින් පසුව නැවත හමුදා සේවයට මුදාහැර ඇති බව ද හුළුගල්ල මහතා සඳහන් කළේය. එමෙන්ම සෙසු හමුදා නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බවත් පැවසීය. ada

0 comments:

Post a Comment