![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjBFxi7TnqhV7zpjheRpWP4qWV5TTTiUA7nXkOWbU2FXPcM-RUpqYdfPG4_xO2sK4cejFg_W0HBsjISLc1bYCseBRYDc6s43YOfGg1rEqY8BldhEL_aA4Z4RMYDztSM2Q2yRKuN5J-NhpR/s320/nila.jpg)
ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට දිනයේ ද සිදුකෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය නිවාඩු දිනයක් වුව ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය ලෙස හෙට දිනය ක්‍රියාත්මක වන බව සඳහන්ය. මෙම කටයුතු සදහා තැපැල්කරුවන් 8,000 ක පිරිසක් යොදවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වතු ආශ්රිත ප්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් පමණක් තැපැල්කරුවන් 400 දෙනෙකුට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබේ. ලබන 31 වැනිදා දක්වා මෙම කටයුතු සිදුකෙරෙන අතර එම පත්‍රිකා නොලැබුණු අයෙකු වෙතොත් ඉන් පසුව ද තම අනන්‍යතාව තහවුරු කර ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් අදාළ පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. adaderana
0 comments:
Post a Comment